Press "Enter" to skip to content

හුදකලා කිරීම් පිළිබඳ නිවේදනයක්

අද (08) උදෑසන 6 සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්ත මාතලේ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක් එලෙස හුදකලා කළ බවය.

ඒ අනුව මාතලේ පොලිස් බලප්‍රදේශයේ, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය හුදකලා කර තිබේ.

මේ අතර ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද උදෑසන සිට ඉවත්කර ඇත.

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

මඩකලපුව දිස්ත්‍රික්කය

කාත්තණ්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

කාත්තන්කුඩි කොටස 4 164
කාත්තන්කුඩි කොටස 5 164A
කාත්තන්කුඩි කොටස 5 දකුණ 164B
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A
කාත්තන්කුඩි කොටස 6 බටහිර 162B

මාතලේ දිස්ත්‍රික්කය

මහවෙල පොලිස් බලප්‍රදේශයේ,
නිකගොල්ල E 333
නිකගොල්ල උතුර E 333/A

More from GossipMore posts in Gossip »