Press "Enter" to skip to content

”සමහර වෙලාවට පියෙකුට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි” – මුදල් ඇමති බැසිල් රාජපක්ෂ

තම ප්‍රමුඛතාව පොදු ජනතාවගේ අවශ්‍යතා බව අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූලි 8) උදෑසන මුදල් අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශක කළේ, තමන්ට ජනතාවටගේ ප්‍රශ්නය කුමක් ද යන්න පිළිබඳව අවබෝධයක් ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා.

“මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලුදෙනා ම එකට වැඩ කරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යංශයේත් අපේ රජයේත් ඒ වගේ ම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකක් ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලු දෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙකුට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.”