Press "Enter" to skip to content

15 දැරිය මුදලට ගත් විශේෂඥ වෛද්‍යවරයෙක් මාට්ටු

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වෛද්‍යවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයා දැරිය තැන තැන රැගෙන යාමට කුට්ටනය කළ තැනැත්තකු බවද හෙතෙම කීය .

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ දී අද (6) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹට ආසන්න රෝහලක සේවය කරන්නකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සෙසු සැකකරු ඊයේ රාත්‍රියේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි .

මොවුන් දෙදෙනත් සමග ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

More from GossipMore posts in Gossip »