Press "Enter" to skip to content

පිළිකා රෝගී තරුණියක් ලක්ෂ 3කට විකුණන්න හදලා

කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවකු ළමා හා කාන්තා කාර්යංශය ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත.


පිළිකා රෝගයකින් පෙළෙන විසි එක් හැවිරිදි තරුණියක රුපියල් ලක්ෂ තුනකට පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවල ඉදිකිරීම් භාරව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුට විකිණීමට සූදානම් වීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිවියක කන්‍යාවියක් බව කියමින් රුපියල් ලක්ෂ තුනකට අදාළ ව්‍යාපාරිකයාට විකුණා ඇත්තේද ‘මෙල්ඩා’ නමින් ප්‍රසිද්ධ මෙම ජාවාරම්කරු බව හෙළිවී ඇත.

පිළිකා රෝගී තරුණියක් ලක්ෂ 3කට විකුණන්න හදලා


දැනට අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයාගේ දුරකථනය භාරයට ගෙන විශ්ලේෂණය කිරීමේදී මෙම සතියේදී පිළිකා රෝගී තරුණියව කන්‍යාවියක් සේ විකිණීමේ සූදානම හෙළි වී තිබේ.

මෙම කෝටිපතියාට කන්‍යාවියන් සොයා දීමේදී කන්‍යා භාවය ගැන වෛද්‍ය සහතික පවා ලබාදී ඇති බවත්, මෙල්ඩා නමැති සැකකරු තරුණියන්ගේ සංචිතයක් පවත්වාගෙන යමින් ගණිකා ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බවත් හෙළි වී ඇත.

More from GossipMore posts in Gossip »