Press "Enter" to skip to content

”සම්පූර්ණයෙන් කොවිඩ් එන්නත ලබා නොගත් අය අනතුරේ” – ආචාර්ය චන්දිම ජීවන්දර

කොවිඩ් එන්නත ලබා නොගත් හෝ අර්ධ වශයෙන් එන්නත ලබා ගත් අයට ඉන්දීය කොරෝනාවෛරසය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එබැවින් සැලකිය යුතු ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දී ඇත.

තර්ජනය තවමත් පහව ගොස් නොමැති බවට ඔහු අනතුරු අඟවා තිබේ.

ලෝකයේ වැඩි ම තර්ජනයක් බවට පත්වී ඇති ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන දරුණු කොරෝනාවෛරස ප්‍රභේදයක් ලෙස හඳුනා ගෙන ඇත.

Delta variant, the most transmissible variant yet poses a major threat to unvaccinated or partially vaccinated. Adhering to mitigating measures until a significant percentage is fully vaccinated is important. The threat is not over yet. #DeltaVariant

— Chandima Jeewandara (@chandi2012) July 3, 2021