ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බවත්, මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්ෂ ක්‍රීඩකයින් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බව හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු හා වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර සඳහන් කරයි.
එංගලන්තයේ ස්කයි ස්පෝට්ස් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් මාධ්‍ය හෙතෙම මේ බව පැවසීය.
“අපිට දක්ෂතා තිබෙන ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් පිටියේදී වගේම පිටියෙන් පිටතදී ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධව නම් හරිම කණගාටුවක් දැනෙන්නේ. ඒ ප්රශ්නය ජාත්‍යන්තර ක්‍රිකට්වල වගේම අපේ පළමු පෙළ තරගවලත් මුල් බැසගෙන තියෙනවා. ඒක දක්ෂ ක්‍රීඩකයන් හදන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.කලක් අපේ හිටපු පුහුණුකරුවෙකු වන ට්‍රෙවර් බේලිසුත් කිව්වා, අපේ ක්‍රීඩකයන්ට අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව උගන්නන එක අමාරුයි කියලා.”
මේ අතර විනය චෝදනාවකට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයින් පිළිබඳ අදහස් දැක්වූ සංගක්කාර මෙසේ සඳහන් කළේය.
“මේ ක්‍රීඩකයන් තුන්දෙනා ඉතා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් තියෙයි. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නෙමෙයි, යහපත් පුද්ගලයන් ලෙසින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පවත්වාගෙන යාමට උපදේශත් ලබා දිය යුතුයි”