Press "Enter" to skip to content

විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ 16 හැවිරිදි දැරියට තියුණු ආයුධ ප්‍රහාරයක්

විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ පාසල් වයසේ දැරියකට 26 හැවිරිදි තරුණයකු විසින් තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබේ.

සැකකාර තරුණයා සොයා මේ වන විට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

දඹුල්ල පන්නම්පිටිය, මැණික්දෙන ප්‍රදේශයේ පදිංචිව සිටින අනූෂා සෙව්වන්දි නැමැති 16 හැවිරිදි දැරියගේ මව්පියන් අහිමිව ගොස් ඇති අතර දැරිය සිය බාල සොහොයුරා සමඟින් ජිවත්වන්නේ වයෝවෘද්ධ සිය මිත්තණියගේ රැකවරණය යටතේය.

එම දැරියට තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත්ව තිබුණත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.

එම සිදුවීම මත පසුගිය 30වැනිදා යළි දැරියගේ නිවස වෙත පැමිණි අදාළ තරුණයා එහිදි තියුණු ආයුධවලින් ඇය ව කපා කොටා අමානුෂික ලෙස පහරදී තිබුණි.

මේ පිළිබඳ අදහස් දැක්වු මිත්තණිය,

“වතුර වීදුවක් ඉල්ලුවා මම වතුර වීදුරුවක් දුන්නා. මට නිකන් ළමයා ගාවින් යන්න හිතෙන්නේ නෑ. මොකද්දෝ වගේ දැනුණා. මම ගෙදරට ආව මනුස්සයානේ කියලා තේ කෝප්පයක් දෙන්න කියලා එක අඩියක් තියලා කුස්සියට ගියා. යන්න හදනකොට ම මට සද්දයක් ඇහුණා. එතකොට ම දුව මේසේ ළඟ හිටියේ අම්මෝ කිව්වා. මේසේ උඩ ඔළුව තිබ්බා. මේකා මං ගාවින් ඇවිල්ලා පැනලා දිව්වා. දුවපු කෙනා පස්සේ මම දිව්වේ නෑ ළමයා ඇදලා ඇදලා ලේ ගලද්දි කුස්සියට ගත්තා.. “

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ දැරිය දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වන විටත් ඇය එහි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සැකකර 26 හැවිරිදි තරුණයා පන්නම්පිටිය මැණික්දෙන ප්‍රදේශයේම සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුමක නිරතව සිටී.

More from GossipMore posts in Gossip »