Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

ඒ අනුව දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

හුදකලා කළ ප්‍රදේශ

යාපනය දිස්ත්‍රික්කය

කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ, කරෛයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස

කලවන්තාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,

ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස

More from GossipMore posts in Gossip »