අවුරැදු 15ක් වයසැති දැරියක් කාමාතුරයන්ගේ ආශාවන් පිරිමසා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇගේ මව ඇතුළු 18 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර චීවරධාරියකු ද සිටින බව පොලිස් මහත ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සමාජ මාධ්‍යජාලා සහ විවිධ වෙබ් පිටු පස්සේ මාස තුනක් තිස්සේ මෙම දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබුණේ රු.10,000 – රු.30,000ත් අතර මුදලකටයි.
ඇයව විකිණීම සඳහා අන්තර්ජාල දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
පසුව දැරිය ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලට අනුව ඇයව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ සොයා මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.






