Press "Enter" to skip to content

සුද්දෝ කියන ඒවා අපේ උන්ට තේරෙනවද දන්නෙත් නෑ – ඩිල්ශාන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට තරගාවලි රැසක පරාජය උරුම කරගනිමින් අසාර්ථක කාල සමයක් පසු කරමින් සිටිනවා. මෙම පරාජයන් රැල්ලේ වගකීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලයටද යොමුවීම නිරායාසයෙන් සිදුවන්නක්. වර්ථමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්‍ය මණ්ඩලය පිළිබඳව පසුගියදා පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායක හා ආරම්භක පිතිකරුවෙක් වන උපුල් තරංග සදහන් කර සිටියේ වෙනත් රටවලින් ඉවත දමන පුහුණුකරුවන් මෙරටට ලබාගැනීම කණගාටුවට කරුණක් බවයි.

“මෑත කාලයේ පැමිණි පුහුණුකරුවන්ගේ සුදුසුකම් මදී කියලා පෞද්ගලිකවම මම හිතනවා. ඒ අතරවාරයේදී හොද අයත් ආවා. නමුත් අපේ රටෙත් ඉන්නවා හොද පුහුණුකරුවන්. අපට ඕනී නම් විදෙස් පුහුණුකරුවා වටා අපේ අයව දාලා ඒ විදෙස් පුහුණුකරුවන්ගෙන් ගන්න තියෙන හොද දේවල් ඔක්කොම අපි ගන්න ඕනී. හැබැයි අපි මෑත කාලයේ කලේ වෙන රටවලින් අහකට දමන පුහුණුකරුවන්ව අපේ කණ්ඩායමට ලං කර ගත්ත එක. ඔවුන්ව එහෙම එළියට දාන්නේ ඒ අය වැරද්දක් කරලා තියෙන නිසා. ඩොලර් 30 000 ක් දුන්නත් කමක් නෑ හොද සුදුසුකම් තියෙන පුහුණුකරුවෙක්ට. ඉතිහාසයේ පුහුණුකරුවෙක් විදියට නමක් දිනාගෙන ඉන්න කෙනෙක්ට එහෙම දුන්නට කමක් නෑ. වෙන තැනකින් එළියට දාන කෙනෙක් අපි වැඩිපුර සල්ලි දීලා අරගන්නවා. මෑත කාලයේ ගෙනාපු කිසිම කෙනෙක් ගැන මට සෑහීමකට වෙන්න බෑ. කීයක් ගෙව්වත් කමක් නෑ හොද කෝච් කෙනෙක්ට” යනුවෙන් උපුල් තරංග සදහන් කර සිටියා.


මේ පුහුණුකරු ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් සදහන් කර සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉතාම හොද පුහුණුකරුවන් සිටින බවයි.

” අපි ලෝක කුසලාන වලට ගිහින් තිබෙනවා අපේ පුහුණුකරුවන් ගොඩක් ඉන්න අවස්ථාවන් වලදී. එක් විදෙස් පුහුණුකරුවෙක් පුහුණුකරු විදියට තියාගෙන අනික් තනතුර අපේ අයට දෙන්න. අපේ හොද පුහුණුකරුවන් සිටිනවා. දැන් ටීම් මීටින් එක තියන්නේ සුද්දෝ ටිකක්. අපේ උන්ට තේරෙනවද දන්නේත් නෑ ඒ සුද්දෝ කියන දේවල්. කාටවත් ඇගිලි දික් කරලා වැඩක් නෑ. අපිට ඕනී මැච් දිනන්න” යනුවෙන් ඩිල්ශාන් සදහන් කර සිටියා.