Press "Enter" to skip to content

අපි දෙන්න කොහෙට හරි යන්න ඕනෙ කාලේ දැන් ඇවිත්

අපි දෙන්න කොහෙට හරි යන්න ඕනෙ කාලේ දැන් ඇවිත්…

සැමියා මිය ගියාට පස්සෙ විමලාවතී තමුන්ගෙ එකම පිරිමි දරුවත් එක්ක තනි වුණා. ලක්මාල් ඒ වෙනකොට දහඅට හැවිරිදි වියේ පසු වූ නව යොවුන් තරුණයෙක්.

පුතේ උඹේ අනාගතයේ ගැනත් බලන්න ඕනෙ. මේ ගේ දොර හදාගන්නත් ඕනේ. හැමදේම ගැන හිතල තමයි මං රට යන්න තීරණය කළේ. මට තියන එකම ප්‍රශ්නෙ උඹව නතර කරල යන්න තැනක් නැති එක.

අනාගතේ සුභවාදී කරගන්න හිතාගෙන විමලාවතී කටාර් රාජ්‍යයට යන්න තීරණය කළා. ඒත් ලක්මාල් පුතාව නතර කරලා යන්න තැනක් නැතිව ඇය දහඅතේ කල්පනා කළා. ඔන්න ඔය අතරේ තමයි ප්‍රියානි ඉදිරිපත් වුණේ ලක්මාල්ව තමන්ගෙ නිවහනේ නතර කර ගන්න.

අක්කෙ, කොල්ලා මගේ ළඟ හිටපුවාවේ දරුවො තුන් දෙනෙක් හිටියට මට ඌ වැඩි නැහැ. උඹ රස්සාව කරල කීයක් හරි හම්බකරගෙන වරෙන් මං කොල්ලව බලාගන්නම්.

විමලාවතීගේ ඥාති සොහොයුරියක් වූ ප්‍රියානි එහෙම කිව්වා. ප්‍රියානිගේ සැමියා කුරුණෑගල පැත්තෙ පොල් මෝලක රැකියාව කළා. දරුවෝ තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක් උනාට ශ්‍රියානි මැදිවියට පා තබා සිටි බොහොම හැඩකාර කාන්තාවක්. ශ්‍රියානි ගමන් බිමන් යද්දි ගමේ මිනිස්සු ඇයගේ රූසපුව හොරැහින් රසවිඳින්න පුරුදු වෙලා හිටියා.

කොහොම කොහොම හරි විමලාවතී තමුන්ගේ එකම පුතා ලක්මාල් ප්‍රියානිට භාරදීලා කටාර් රාජ්‍යයට ගියා. විමලාවතී රට ගිහින් මාසයක් දෙකක් ගත වුණේ නැහැ ලක්මාල්ට මුදල් එවන්න ගත්තා.

මේ මුදල් අතදිගෑරලා වියදම් කරපු ලක්මාල් බොහොම ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා.

අම්මා එවන මුදල්වලින් කොටසක් ප්‍රියානි නැන්දටත් දෙන්න ලක්මාල් කටයුතු කළා.

ප්‍රියානිගේ සැමියා රැකියාවට යනවා. දරුවෝ තුන්දෙනා පාසල් යනවා. ගෙදර ඉතිරි වුණේ ප්‍රියානියි ලක්මාලියි විතරයි. කඩවසම් තරුණයෙක් වූ ලක්මාල් ප්‍රියානිගේ අගර දගර රැගුම්වලට වශී වෙලා හිටියෙ.

දැන් ප්‍රියානි සැමියට සලකන එක පැත්තකට දාලා ලක්මාල් ගැන බලන්න එයාගෙ දුක සැප සොයන්න උනන්දු වුණා.

කොහොම කොහොම හරි මේ නැන්දගේ දරු සෙනෙහස දෝරේ ගලා යන්න පටන් ගත්තා. ප්‍රියානිත් ලක්මාලූත් අතරේ නොගැලපෙන බැඳීමක් ඇති වුණේ කාටත් හොර රහසෙනුයි. කාට හොරා මේ තහනම් ආදරය ගලාගෙන යන්න ඉඩ හැරියත් ප්‍රියානිගේ සැමියට ඒක සගවන්න බැරි වුණා.

උඹ මහ කාලකන්නි ගෑනියක්. දරුවො තුන් දෙනෙක්ගෙ අම්ම කෙනෙක් කියලා උඹ නිකමටවත් හිතුවෙ නැහැ. මේ දරුවෙක් වගේ ඉන්න කොල්ල එක්ක නාඩගං නටන එක ගැලපෙන්නෙ නැහැ කියලා.

ප්‍රියානිගෙයි ලක්මාල් ගෙයි මේ නොගැලපෙන හාදකම හෙළිවෙච්ච දවසෙ මේ පුංචි කැදැල්ල ගිනි ගත්තා.

තමුසේ කාට මොනවා කිව්වත් මේ කොල්ලට එහෙම මොකුත් කියන්නෙ නැහැ. ඒ කොල්ල තමුසෙට වඩා සියදහස් ගුණයකින් හොඳයි. මට දැන් ලක්මාල්ව අමතක කරන්න බැහැ.

ප්‍රියානි ආරූඪවෙච්ච යක්‍ෂණියක් වගේ සැමියගෙ ඇගට කඩා ගෙන පැන්නා.

කොහොම කොහොම හරි මේ ආදර පලහිලව්ව මුල්කරගෙන මේ නිවහනේ හැමදාම වගේ ගැටුම් ඇති වෙන්න ගත්තා.

ලක්මාල් අපි දෙන්න කොහෙට හරි යන්න ඕනෙ කාලේ දැන් ඇවිත්. මම මේ මිනිහ එක්ක ඉන්න එක දැන් ඇති වෙලා. පොල්ලෙලි ගඳ අහලින් පහලින් යන්න බැහැ. මිනිහා එක්ක තවදුරටත් ජීවත් වෙන්න බැහැ.

ප්‍රියානි තම නව යොවුන් පෙම්වතා වූ ලක්මාල්ට කිව්වා. ටික දවසකට පස්සෙ දරුවෝ පාසල් ගිය අතරේ ප්‍රියානියි ලක්මාලූයි නිවස අත හැරලා ඒ අයටම වෙන් වෙච්ච ලෝකයක් සොයාගෙන ගියා.

දරුවො තුන්දෙනා එක්ක අසරණ වෙච්ච ප්‍රියානිගේ සැමියා රටපුරා කරක් ගසමින් තම බිරිඳ සොයන්න ගත්තා.

අම්මව ඉල්ලලා අඬන අහිංසක දරුවන්ගෙ වේදනාව දුක දැක්කම පියාගෙ හදවත හෝස් ගාලා පත්තු වෙනවා.

අන්තිමේදී තමුන්ගෙ බිරිඳ ගෙන්නලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න මේ අසරණ පියා දරුවෝ තුන් දෙනෙක් එක්ක පොලිසියට ගියා. ඒත් ඵ‍්‍රියානිව හොයාගන්න පොලිසියටවත් හැකියාවක් ලැබුණේ නැහැ.

More from GossipMore posts in Gossip »