Press "Enter" to skip to content

කාන්තාවකට මිනිත්තු කිහිපයක් ඇතුළත එන්නත් මාත්‍රා තුනක් විදලා

ආනන්ද්නගර්හි එන්නත් මධ්‍යස්ථානයකදී පසුගිය සිකුරාදා 28 හැවිරිදි ඉන්දියානු කාන්තාවකට මිනිත්තු කිහිපයක් ඇතුළත කොවිඩ් -19 එන්නත මාත්‍රා තුනක් ලබා දී තිබේ.

India – BBC News

දැඩි නොසැලකිලිමත්කම හේතුවෙන් උද්ගතව ඇති මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ එන්නත් තුනක් ලබාදීමෙන් තැතිගත් කාන්තාව ‘තානේ’ මහ නගර සභාවේ සේවකයෙකු වන තම සැමියාට සිද්ධිය විස්තර කිරීමෙන් පසුවය. පසුව ස්වාමිපුරුෂයා ප්‍රාදේශීය බලධාරීන් වෙත මේ බව දැනුම්දී ඇත.

මෙම දැනුම්දීමෙන් අනතුරුව ‘තානේ’ ප්‍රජා මණ්ඩලය අදාල කාන්තාවගේ සෞඛ්‍යය නිරීක්ෂණය කර ඇත. සිය නම අනාවරණය කිරීමට අකමැති මෙම කාන්තාව, සිය ස්වාමිපුරුෂයා ප්‍රාදේශීය ප්‍රජා මණ්ඩලයේ සේවය කරන බැවින් පැමිණිල්ලක් ගොනු කිරීමටද තමා කැමති නැති බව පවසා තිබේ.

මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ පළමු වරට කෝවිඩ් -19 එන්නත ලබා ගන්නා බැවින් තම බිරියට එන්නත් කිරීමේ ක්‍රියාවලිය හුරු නැති බැවින් මෙවැන්නක් සිදුව ඇති බවයි. මෙලෙස එන්නත් ලබාදී ඇති පළමු දිනයේ ඇයට උණ වැලඳී ඇත. එහෙත් පසුදා උණ තත්ත්වය සුවවී ඇති අතර පසුව ඇයට කිසිදු ආබාධයක් මතු නොවූ බව ඇගේ සැමියා පවසා තිබේ.
තානේහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කුෂ්බූ තව්රේ ‘ඉන්දියා ටුඩේ’ පුවත් සේවයට පවසා ඇත්තේ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇයව පරික්ෂා කළ බවත් ඇය සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්ය. මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවද වෛද්‍යවරයා පවසා ඇත.