Press "Enter" to skip to content

පිරිමි දරුවෙක්ව ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයක පුහුණුව ලබමින් සිටි බාල වයස්කාර පිරිමි ළමයෙක්ට අමානුෂික ලෙස පහරදී ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි සැකපිට එම ආයතනයේ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන රජයේ වෘත්තිය පුහුණු ආයතනය විසින් අදාළ පිරිමි දරුවා එම ආයතනය වෙත යොමුකර ඇත.

අදාළ වෘත්තිය පුහුණු ආයතනය මඟින් එම රසකැවිලි නිෂ්පාදන ආයතනය වෙත විශේෂ අවශ්‍යතා සහිත පිරිමි දරුවන් තිදෙනෙකු එලෙස යොමුකර තිබේ.

එම දරුවන්ට නිවෙස්වලට යාමට පවා නොදී සේවිකාව විසින් නිතර අමානුෂික අයුරින් පහර දෙමින් සේවයේ යොදවා ඇතැයි පහරකෑමට ලක්වු දරුවා පැවසීය.

ඊට අමතරව අදාළ සේවිකාව විසින් ඇයගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ද දරුවන්ට බලකර ඇති අතර, එසේ සිදුනොකර විට ඔවුන්ට පහර දී තිබේ.

පහරකෑමට ලක්වු තවත් දරුවන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි ද වාර්තා වේ.

පළා ගිය දරුවන්ගේ දැනුම් දීම මත ආයතනය තුළ රඳවා සිටි එක් දරුවෙකුගේ දෙමව්පියන්ට දැනුම්දීමෙන් අනතුරුව මහනුවර පොලීසිය අදාළ ස්ථානයට ගොස් සෝදිසි කර තිබේ.

එහිදී දරුවා සොයාගෙන මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයි ද වාර්තා වේ.

අත්අඩංගුවට පත් 41 හැවිරිදි කාන්තාවට අමතරව එම නිවෙස් හිමිකරු හා ඔහුගේ පුත්‍රයා ද එකතුව අසභ්‍ය වීඩියෝ පට දරුවන්ට පෙන්වා ඇතැයි සඳහන්ය.

අද (29) උදෑසන රසකැවිලි නිෂ්පාදන ආයතනයේ හිමිකරු පැමිණ පොලීසියට භාර වී ඇති අතර ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ නඩුවක් ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

More from GossipMore posts in Gossip »