Press "Enter" to skip to content

ඩෙල්ටා ප්‍රභේදය සුළුකොට සළකන්න බෑ

ඩෙල්ටා ප්‍රභේදය සුළුකොට සැළකිය නොහැකි බැවින් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත එක් රෝගියෙක් හෝ සිටිනවා යනු ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් කරුණක් බව ඔහු සඳහන් කරයි.

මෙහි ව්‍යාප්තිය ඇසට නොපෙනෙන බවත් සියයට 200ක ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් මෙහි පැතිරීම අවම අගයක පවත්වාගෙන යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.