රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සියළු අමාත්‍යාංශ එක්ව කටයුතු කළ යුතු බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ මහ ඇල වාරි මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිලිබඳ සාකච්ජාවේදී.
” හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා. තිස්සමහාරාමේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය කාගේද ? ඒක ආණ්ඩුවේ. එතකොට ඒකට විරුද්ධව ආවේ මොන අමාත්‍යාංශයෙන් ද පුරාවිද්‍යා එකෙන්. ඒක කාගේද? ඒකත් ආණ්ඩුවේ.
ඉතින් ආණ්ඩුවේ වැඩකදී සියලු දෙනා එකතු වෙලා ඉන්න අවශ්‍යයි. අනුමැතිය අවශ්‍යනම් කොලයක් එවලා අනුමැතිය ඉල්ලුවා නම් හරි.
මේ සේරම ප්‍රශ්න අපේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි හොඳ වැඩි නිසයි. එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔය ඔක්කොම හරි” අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියා.
source – newswire
Published in Political