Press "Enter" to skip to content

පොලිසියේදී කාන්තාවකට අතවර කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීයා

තම 16 හැවිරිදි දියණියගේ ජංගම දුරකථනයට මුහුණු පොත හරහා අසභ්‍ය දර්ශන එවා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පාදුක්ක පොලිසියට ගිය අවස්ථාවේදී තම 16 හැවිරිදි සහ 9 හැවිරිදි දියණියන් බිරිඳ සහ තමන්ව පොලිස් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටියදී රාත්‍රී කාළයේදී පොලිස් නිළදාරියෙකු විසින් බිරිඳට අතවර කිරීමට සැරසීම සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරියට පැමිනිල කල බව පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පදිංචි පෝරගේ ෆර්සි ඉන්දික නමැති තිදරු පියෙකු පවසයි.

ඉකුත් 20 වන දින තම දියණියගේ ජංගම දුරකථනයෙහි තිබි අසභ්‍ය දර්ශන කිහිපයක් හසුවීම නිසාවෙන් ඒ පිළිබදව දියණියගෙන් සිදු කල විමසීමේදී මුහුණු පොතෙහි සිටින පුද්ගලයෙකු එම අසභ්‍ය දර්ශන එවූ බවත් ඔහු සමග ආදර සම්බන්ධයක් අරඹන ලෙස පවසමින් දුරකථන ඇමතුම් ලබා දී තර්ජනය කරන බවත් දියණිය පැවසූ බැවින් ඒ සම්බන්ධයෙන් පැමිනිලි කිරීම සදහා එදින සවස 6 ට පමණ පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිය අවස්ථාවේදී එහි කිසිවෙකු නොසිටි බැවින් පසු දින එන ලෙස එහි සිටි පොලිස් නිළදාරියෙකු පැවසූ බැවින් නුගේගොඩ මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් පැමිනිලි කිරීමට කටයුතු කල බවද ඔහු කියයි.

පසුව එලෙස පැමිනිලි කිරීමෙන් අනතුරුව යළි පාදුක්ක පොලිසියට පැමිණ මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කල බැවින් යළි පාදුක්ක පොලිසියට පැමිණීමට අවශ්‍ය දැයි ඇසූ විට තමන්ගේ පොලිස් බල ප්‍රදේශයේද පැමිනිලි කල යුතු බව පවසා අදාල පැමිණිල්ල පාදුක්ක පොලිස් ස්ථානයේද සටහන් කරගෙන අදාල පැමිනිලි ලදුපත ද තමන්ට ලබා දුන් බවත් ඉන් අනතුරුව ‘‘උඹලට ආරක්ෂාවනේ උවමනා නේද’’ යැයි පවසමින් තමන්ව සිරමැදිරියට දමා තම දියණිය හා බිරිඳ ඒ ඉදිරිපිට වාඩි කර තැබූ බවත් දියණියවද පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් නිළදාරීන් පැවසූ බවද ඉන්දික මහතා පැවසීය

ඉන් පසු රාත්‍රී කාළයේදී තමන් සිර මැදිරිය තුලත් දියණිය හා බිරිඳ සිරමැදිරිය ඉදිරිපිටත් වාඩි වී සිටියදී තම බිරිදට වැසිකිලි යාමට අවශ්‍ය වූ අවස්තාවේදී කාන්තා පොලිස් නිළදාරිණියක් නොසිටි බැවින් එහි සිටි පොලිස් නිලදාරියෙකුට පවසා ඇය ට පොලිස් වැසිකිලිය පෙන්වන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී එම පොලිස් නිළදාරියා ඇයව පොලිස් වැසිකිළිය ඇති ස්ථානයට කැඳවා ගෙන ගොස් නැවත යලි එන අතරතුරදී එම ස්ථානයේ දල්වා තිබූ විදුලි පහන නිවා දමා තම බිරිඳගේ දෑතින් අල්ලාගෙන ‘‘මගේ අවශ්‍යතාවයක් තියෙනවා ඒක කරල දුන්නොත් මහත්තයාව නිදහස් කරන්නම්’’ යැයි පවසා ඇයට අතවර කිරීමට සැසුනු අවස්තාවේදී බිරිඳ කෑ ගැසීම නිසා එම පොලිස් නිළදාරියා ඇයගේ කට මිරිකා ඇති බවත් එම අවස්ථාවේදී පැමිනි තවත් පොලිස් නිළදාරීන් පිරිසක් ඇයට ඉතා අමානුෂික ලෙස පහරදීම නිසාවෙන් අවිස්සාවේල්ල මූලික රෝහලේ දින තුනක් ප්‍රතිකාර ලබා ගත් බවද ෆර්සි ඉන්දික මහතා පවසයි

මේ වන විට අදාල සිද්ධි සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරියට මිරිහාන ළමා හා කාන්තා කාර්යංශයට සහ පාදුක්ක පොලිසිය පැමිනිලි කර තිබුණද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති තමන් මානව හිමිකම් කොමිසමටද අද (29) පැමිනිලි කිරීමට කටයුතු කල බවද ඒ මහතා පැවසීය

පොලිසිය තුලදී අතවරයට ලක් කිරීමට සැරසුණු බව කියන ෆර්සි ඉන්දික මහතාගේ බිරිඳ වන ලිලානි දයාරත්න මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පැවසුවාය.

‘‘අපේ දුවට තියෙන තර්ජනය සහ අසභ්‍ය ඡායාරූප එවීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට පැමිනිල්ල ලියාගෙන අදාල ලදුපතත් ලබා දුන්නට පස්සෙයි මගෙ මහත්තයාව කූඩුවට දැම්මේ උඹලට ආරක්ෂාවනේ ඕනේ කියලා ලොකු දුවවත් පොලිස් භාරයට අරලත්තු නිසා මාවයි පොඩි දුවවයි දෙන්නවත් එතැන තියා ගත්තා ඔය අතරෙදි මට වැසිකිළියට යන්න උවමනාවෙලා කාන්තා පොලිස් නිලධාරිනියක් හෙව්වත් හිටපු නැති නිසා එහි සිටි පොලිස් නිලදාරී මහත්තයෙකුට කිව්වා මට වැසිකිලියට යන්න ඕනේ වැසිකිළිය තියෙන තැන මම දන්නේ නැහැ පෙන්නන්න පුළුවන් ද කියලා ඒ මහත්තයා මාව එක්කගෙන ගිහින් වැසිකිළිය පෙන්නුවා මම වැසිකිළියට ගිහින් එනකොට එතැන දාලා තිබුණ ලයිට් එක නිවලා තිබුණා එකපාරටම මාව එක්කන් ආපු පොලිස් නිලදාරී මහත්තයා ඉස්සරහට පැනලා මගෙ අත්දෙක තද කරලා අල්ලාගෙන ‘‘මගෙන් වැඩක් කර ගන්න තියෙනවා ඒක කරලා දුන්නොත් මහත්තයාව නිදහස් කරන්නම්..” කිව්වා.

මම ඒකට අකමැති වෙලා කෑ ගහනකොට ඒ මහත්තයා මගෙ කට තද කරලා මිරිකුවා පස්සේ මම දගලනකොට තවත් පොලිසියේ පිරිමි කට්ටිය ඇවිත් පොලූ වලින් මට අමානුෂික විදිහට ගැහුවා මගෙ ඇගේ ඒ තුවාල තවමත් තියෙනවා පස්සේ මම ගිහින් මේ ගැන කූඩුවේ හිටපු මහත්තයට කිව්වාහම කාටවත් ඔය ගැන කියන්න එපා අපි හෙට උදේට ලොකු මහත්තයට කියමු කියලා එයා කිව්වා එදා මගෙ පොඩි දුවටත් මුත්‍රා කරන්න උවමනා වෙලා වැසිකිලි යන්න උවමනා උනත් මම එක්කගෙන ගියේ නෑ මට වෙච්ච සිද්ධිය නිසා දුව එයා හිටපු තැනම සිර කූඩුව ඉස්සරහා මුත්‍රා කරලා තිබුනා ’’

‘‘පස්සේ උදේ පොලිසියේ ලොකු මහත්තයා මුණ ගැහුණම මට කුනුහරුපයෙන් බැණගෙන ගියා මහ තිරිසන් විදිහට බැන්නේ මගෙ මහත්තයාවත් එතැනට ගෙන්නලා බැණ ගෙන ගියා එහෙම කරලා අපිට දවල් පොලිස් ඇප ලබා දුන්නා එදා ගෙදර ගියාට මට අමාරුවටම නින්ද ගියා පස්සේ දවසේ පොලිස්පති සහන මැදිරියට ගියහම මගෙ ඇගේ තිබුනු තැලීම් තුවාල දැකලා රජයේ රෝහලකට ඇතුලත් වෙන්න කියලා ලියුමක් දුන්නා මම ඒකත් අරගෙන ඇවිත් අවිස්සාවේල්ල මූලික රෝහලේ දින තුනක් ප්‍රතිකාර අරගෙන තමා ආවේ අපිට මෙච්චර දෙයක් වෙලත් අපිට තවමත් සාධරනයක් වෙලා නෑ ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ මේ වෙච්ච අසාදාරනයට සාදාරණයක් ඉටු කරන්න කියලයි අපි වෙනුවෙන් ඉන්න පොලිසිය අපිට මෙහෙම කලහම අපි කාටද ඒක කියන්නේ පැමිනිල්ලට ගිය අපිටයි මේ අසාධාරණය උනේ ’’

මේ සම්බන්ධයෙන් අප පාදුක්ක පොලිසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය ‘‘ ඔය කියන පුද්ගලයා උමතුවෙන් වගේ හැසිරෙන පුද්ගලයෙක් එයාගේ කළහකාරී හැසිරීම නිසයි සැකපිට අත් අඩංගුවට ගත්තේ 16 හැවිරිදි දුවටත් තර්ජන තියෙනවා කියපු නිසා පොලිස් බාරයට ගත්තා ඔය සැකකාරු පොලිස් සිරමැදිරියේ ඉන්න වෙලාවේ එහි ජල කරාමය ඇරලා කැ ගසමින් දැගළුවා කිසිම කාන්තා අතවරයක් අනේ නෑ ඒවා බොරු ඔය කියන කාන්තාව එයාගේ පොඩි දරුවට කියලා පොලිසිය ඇතුලෙම මුත්‍රා කරවලත් තිබුනා’’

More from GossipMore posts in Gossip »