රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය සමග පක්ෂය තුල ඇති සියලු ප්‍රශ්න ගැටලු නිරාකරණය වනු ඇති බවයි සියලු අභියෝග ජයගෙන කොරෝනා වසංගතය අස්සේ ජනතාවද රැකගෙන රට ගොඩනගන වැඩපිළිවෙළක් රජය ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසීය.
පුද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වූ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද පැවසූ ඔහු බැසිල් රාජපක්ෂ මහතා කෙටි කාලයක් තුළ පොදු ජන පෙරමුණ නිර්මාණය කර මැතිවරණ ජයග්‍රහණයන් වලදීද දැවැන්ත ශක්තියක් වූ බවද කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ දිවුරුම් දුන්නායින් පසුව ස්වර්ණමය යුගයක් ඇතිවන බවත් ඒ සිදුවීම විපක්ශයට දරාගත නොහැකිව මඩ ගසන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
Published in Political
More from PoliticalMore posts in Political »