Press "Enter" to skip to content

ගණිකා නිවාසයක් වටලා තරුණියන් දෙදෙනෙක් ඇතුලු 06ක් අත්අඩංගුවට

යාපනය නල්ලූර් ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 06ක් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව තරුණියන් දෙදෙනෙක්, තරුණයින් තිදෙනෙක් සහ ලැගුම්හලේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් තරුණියන් දෙදෙනා යාපනය ගුරුනගර් සහ මාණිප්පායි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 24 වයස්හි පසුවන අතර තරුණයින් තිදෙනා යාපනයේ සහ උරුම්පිරායි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙයි.

යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනව නල්ලූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලැගුම්හලක් මෙලෙස වටලා ඇත.

More from GossipMore posts in Gossip »