Press "Enter" to skip to content

කොරෝනාවෙන් පසු ළමයින්ට පමණක් හැදෙන ලෙඩෙත් ගමට ගිහින්

කොවිඩ් රෝගයට පසුව දරුවන් තුළ හටගන්නා සිරුරේ ඉන්ද්‍රියයන් සහ පද්ධති ඉදිමීමේ රෝගය හෙවත් MIS – C නමැති රෝගයට ගොදුරු වූ දරුවන් කොළඹට අමතරව වැලිමඩ, කුරුණෑගල, කරාපිටිය, වලස්මුල්ල වැනි මෙරට ප්‍රදේශ කිහිපයකදීම වාර්තා වී ඇති බව රිජ්වේ ආර්යයා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා කියයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමයින්ට පමණක් වැළඳෙන ප්‍රතිශක්තිය සමඟ බැඳුණු රෝගී තත්ත්වයක් බවද කියා සිටී.

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ දරුවන් 4දෙනෙකු එම රෝගයට ප්‍රතිකාර ලබන අතර තවත් 20 දෙනකු පමණ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි ද පැවසේ.

බොහෝ විට අවුරුදු 8-15 අතර දරුවන්ට කොවිඩ් වැළඳුණු විට ඒ ගැන හඳුනාගැනීමට අවශ්‍ය මූලික රෝග ලක්ෂණ නොපෙන්වන බවත් ඒ නිසා පසුව මේ රෝගයට ගොදුරුවිය හැකි දරුවන් කලින්ම වෙන්කර හඳුනාගැනීම අපහසු වී ඇති බවත් ඔහු කියයි.

මේ නිසා රෝහල් ගතව සිදුකරන වෛද්‍ය පරීක්ෂාවකින් එය හඳුනාගෙන වහාම ප්‍රතිකාර කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.