Press "Enter" to skip to content

කොරෝනා මරණ 39ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතවූ තවත් 39 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,944 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 27 දෙනෙක් සහ කාන්තාවන් 12 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 26 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනකු ද වයස අවුරුදු 30 ට අඩු එක් අයකු ද පෙරේදා මියගොස් ඇත.

More from GossipMore posts in Gossip »