Press "Enter" to skip to content

තවත් ඇඟලුම් කම්හලක 200 කට කොරෝනා

මිහින්තලේ පිහිටි පුද්ගලික ඇඟලුම් කම්හලක සේවය කරන සේවක සේවිකාවන් 200 දෙනෙකු කොරෝනා රෝගය වැළදි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා අද (27) පැවසිය.

මොවුන් නොච්චියාගම,වහමල්ගොල්ලෑව,ගලෙන්බිදුණුවැව යන රෝහල්වලට ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවද හෙතෙම මෙහිදි පැවසිය.

මෙම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 800 ක් ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන්ද වෛද්‍ය පරික්ෂණ සදහා ලක්කොට ඇති බවත් වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

More from GossipMore posts in Gossip »