Press "Enter" to skip to content

බෙල්ල ගලවලා අතට දෙනවා…. දරු ප‍්‍රසූතියට ගිය ගැබිනි මවට දොස්තර පාට් දමලා

දරුවකු ප‍්‍රසූත කිරීම සඳහා පොල්පිතිගම මූලික රෝහල වෙත සිය සැමියා සමඟ පැමිණි ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් එම සැමියා විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට, දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට හා පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිකර තිබේ.

‘‘තමුසෙට කියන සිංහල තේරෙන්නෙ නැද්ද? දැන් ගිහින් ආපසු උදේ එනවා. දැන් හිටියොත් කුරුණෑගල යවනවා. නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා බල බල ඉන්න’’ යනුවෙන් සිය බිරිඳ බියවද්දමින් තර්ජනය කළ බව එම සැමියා ලිපිය මගින් දැනුම් දී තිබේ.

වෛද්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමඟ තම ගැබිනි බිරිඳ දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, පසුව රෝහලේ මොහොතක්වත් රැුඳී නොසිට ඇයව තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී ඇත.

More from GossipMore posts in Gossip »