Press "Enter" to skip to content

අම්මයි,තාත්තයි පුතයි කොරෝනාවෙන් මරුට

අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුතකු කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්‍ෂක කපිල වික‍්‍රමනායක මහතා පවසයි.

පේරාදෙණියේ මුරුතලාව පදිංචිව සිටි සිරිපාල රාජපක්‍ෂ (72) ශිලා රාජපක්‍ෂ (70) යන අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ පුතෙකු වන ධම්මික රාජපක්‍ෂ (38) මෙසේ මියගොස් ඇත.

සිරිපාල මහතා පසුගිය 03 වැනිදාද ඔහුගේ බිරිඳ ශිලා රාජපක්‍ෂ පසුගිය 14 වැනිදා සහ පුතා පසුගිය 23 වැනිදා ද කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වික‍්‍රමානයක මහතා කීය.

මියගිය ධම්මික මහතාගේ අවසන් කටයුතු පෙරේදෙ (24) මහනුවර මහියියාව ආදාහනාගාරයේදී සෞඛ්‍ය නීතී රීතී වලට අනුව සිදුකළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කීය.

More from GossipMore posts in Gossip »