‘කොවිඩ් මර්දන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති අය සඳහා දැනට තිබෙන රුපියල් 5,000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ලෙස වෙනස් කර හෝ මේ රෝගය මර්දනය කරන්න ඉලක්කගතව වැඩ කරන බව’ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
‘කොවිඩ් රෝගය මර්දනය කර අපට මේ රට බේරාගැනීමට හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බව’ සඳහන් කරන අමාත්‍යවරිය, ‘පළමු සහ දෙවන කොවිඩ් රැලි අපට මර්දනය කළ හැකි වූවා නම් තුන්වන රැල්ල මර්දනය කරනවා කියන එක අපහසු කාර්යයක් නොවන බව’ ද සඳහන් කළාය.
එම ඉලක්කය ඇතිව කටයුතු කරන බව සඳහන් කරන අමාත්‍යවරිය ඒ සඳහා අපි නීති පැනවූ විට එම නීති රටේ ක්‍රියාත්මක විය යුතුව ඇතැයි පෙන්වා දෙයි.
මාර්ගෝපදේශ නොපිළිපදින අය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා පොලිසිය එකතු වී තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරිය පවසයි.
කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වැනි විශාල මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශයට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.
Published in Political