Press "Enter" to skip to content

Pfizer, AstraZeneca එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බව තහවුරු වෙයි

Pfizer සහ AstraZeneca එන්නත් ඉන්දියාවෙන් පළමු වරට හඳුනාගත් ඩෙල්ටා (B.1.617.2) සහ කප්පා (B1.617.1) යන කොරෝනාවෛරස ප්‍රභේදවලට එරෙහිව වඩාත් ඵලදායීව ක්‍රියා කරන බව සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයේදී මාත්‍රා දෙකකින් යුත් එන්නත් ලබා දුන් පුද්ගලයින්ගෙන් රුධිරයේ ප්‍රතිදේහ ඇති වීමේ හැකියාව පිළිබඳව සොයා බලා ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ අධික ලෙස බෝවන ඩෙල්ටා සහ කැපා ප්‍රභේද උදාසීන කිරීමට එම එන්නත්වලට හැකි වී ඇති බවය.

එමෙන් ම පසුගිය සතියේ එංගලන්තයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, Pfizer සහ AstraZeneca එන්නත් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රෝහල්ගත වූවන්ට 90% කට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සිකුරාදා ප්‍රකාශ කර ඇත්තේ ඩෙල්ටා කොරෝනාවෛරස ප්‍රභේ්දය ගෝලීය වශයෙන් පෙරමුණ ගනිමින් සිටින බවය.