Press "Enter" to skip to content

හිස නැති අබිරහස් බිළිඳු මළ සිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් හමුවෙයි

අබිරහස් බිළිඳු මළ සිරුරු දෙකක් දිවයිනේ එකිනෙකට දුරස් ප්‍රදේශ දෙකකින් හමු වී තිබෙනවා.

මෙම සිරුරු අද (23) හමු වී ඇත්තේ බණ්ඩාරවෙල සහ මුල්ලේරියාව ප්‍රදේශවලින්.

විශේෂත්වය වන්නේ මෙම බිළිඳු මළ සිරුරු දෙකෙහිම හිස නොමැති වීම යි.

එක් සිරුරක් හමු වූයේ බණ්ඩාරවෙල, ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන්.

ප්‍රදේශයේ නිවසක් අසළින් මෙම සිරුර හමු වූ බව පොලීසිය ප්‍රකාශ කළා.

අනෙක් හිස නැති බිළිඳු සිරුර මුල්ලේරියාව, කැළණි නදී මාවත ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී හමු වූවා.

එම සිරුර පොලිතීන් කවරයක බහා තිබූ බව සඳහන්.

මෙම බිළිඳුන්ගේ අනන්‍යතාව පිළිබඳව මෙතෙක් හෙළි වී නැහැ.

සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.