Press "Enter" to skip to content

ආසාදිත ගැබිනි මව සිසේරියන් සැත්කමෙන් පසු ජීවිතක්ෂයට දරුවා සුවෙන්

කොරෝනා රෝගය ආසාදිතව සිටියදී සීසේරියන් සැත්කමකින් සිය දරුවා බිහි කළ තිස් හැවිරිදි මවක් හෝමාගම රජයේ රෝහලේදී මිය ගොස් තිබේ.

මෙම මව ඕබඩවත්තගේ දීප්ති ප‍්‍රමෝදිනී නැමැති ලූ‍ර්දු මාවත, උතුරු තොඩුවාව, මාරවිල පදිංචි අයෙකි. ඇයට ඇතිවූ අසනීප තත්ත්වය මත නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට පසුගිය(11*දා ඇතුලත් කොට ඇති අතර එම රෝහලින් කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරු කොට එවා ඇත. එහිදී සීසෙරියන් සැත්කමකින් දරුවා බිහිකර ඇති අතර දරුවාට කොරෝනා වැළඳී නොමැති බව වෛද්‍යවරු පවසති.

මේවන විට ඇයගේ පවුලේ සෙසු සාමාජිකයින්ද කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් පසුවේ. ඇයගේ සැමියා ධීවර රැකියාවේ නියුතුව දින 50 කින් පසුව ගොඩබිමට පැමිණ ඇති නිසා ඔහුට කොරෝනා ආසාදිතවී නැත. පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අයි.ඞී.එච්. රෝහලේදී වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින් පැවැත්වූ අතර හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා මරණ පරීක්ෂණය පැවැත්වීය. හෝමාගම පොලිසියේ පො.සැ. (33440* සරත් මහතා පරීක්ෂණ මෙහෙයවීය.

More from GossipMore posts in Gossip »