හැකි ඉක්මනින් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයින් ට කොවිඩ් එන්නත් ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, ඇඟලුම් ආශ්‍රිතව වැඩිවශයෙන් කොවිඩ් රෝගීන් හඳුනාගන්නා බවය.
“මේ මොහොත වෙද්දි ඇඟලුම් කම්හල් රාශියක් ආසාදිතයෝ විශාල වශයෙන් වාර්තා වන තත්ත්වයට පත්වෙලා තියෙනවා. පාලනය කිරීමට අපහසු තරම් රෝගීන් වාර්තා වෙනවා බොහෝ කර්මාන්ත ශාලාවල. ඒ නිසා අපි මේ මොහොතෙත් ඉල්ලනවා හැකි ඉක්මනින් දැනට ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන සහෝදර සහෝදරියන්ට එන්නත් ලබාදීමට කටයුතු කරන්න. ඔවුන්ව කොවිඩ් -19 ආරක්ෂා කරගත්තේ නැතිනම්, ආරක්ෂිත මනසක් ඇති කර ගත්තේ නැතිනම් ඉදිරියේ දී මේ කර්මාන්ත කඩාවැටෙයි කියලා පැහැදිලියි.“
Published in Health
More from HealthMore posts in Health »