Press "Enter" to skip to content

ගාල්ලේ කොවිඩ් වැළඳුනු 05ක් නිවසේම මියගිහින්

ගාල්ල ප්‍රදේශයේ නිවෙස්වල මියගිය පුද්ගලයින් 05 දෙනෙකු මිය යාමෙන් අනතුරුව කරණු ලැබූ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩි වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 99ක් වු යක්කලමුල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් , අක්මීමන දිවෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 98ක් වු සත්දරු මවක් , බුස්ස කදුරුපේ පදිංචි 74 වියේ පසුවූ සිව්දරු මවක්, හිරිඹුර පාසල්මාවතේ පදිංචි 78 හැවිරිදිවියේ පසුවු කාන්තාවක් සහ බද්දේගම දකුණ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදිවියේ පසුවු තිදරු මවකි.

මොවුන් පස්දෙනාම නිවෙස්වලදි මියගොස් ඇති අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට දේහයන් රැගෙනවිත් කරණු ලැබූ පී.සී.ආර් පරීක්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරුවි ඇත.

මියගිය 05 දෙනාගේ හදිසි මරණ පරීක්ෂණ ඊයේ (22) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබීය .

සිව් දෙනෙකුම නිදන්ගත රෝග නිසා නිවෙස්වල එක්තැන්ව සිටි අයද වෙයි.

එසේම බද්දේගම දකුණ ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ලේලියද කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිවිමෝනියාවෙන් මියගොස් ඇති බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇත.

More from GossipMore posts in Gossip »