15 හැවිරිදි තම දියණිය දූෂණය කොට ගැබිණියක් බවට පත් කළ පියෙකු රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට තිබේ.
දියණියගේ දරු ගැබට මාස 04ක් පමණ වන අතර දැරියගේ මව විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බුස්ස පාවර ප්රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙකි. මොහු තම බිරිඳගෙන් වෙන්වී වෙනම කුඩා පැල්පතක පදිංචිව සිටින අතර දියණිය එම පැල්පතට ගෙන්වා ගෙන දූෂණය කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. දියණියට තේ රැුගෙන එන ලෙස පවසා ඇය ගෙන්වාගෙන දැනට වසර එකහමාරක කාලයක සිට මෙකී දැරිය සමග පියා අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු 44 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු දරුවන් 04 දෙනෙකුගේ පියෙකු වන අතර වෙන්වී සිටින මොහුගේ බිරිඳ වෙනත් විවාහයක් කරගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණයවී ඇත.
රත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රභාත් විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.






