Press "Enter" to skip to content

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය වළක්වා ගැනීමට ඔබ කළ යුත්තේ කුමක් ද?

පසුගිය දින මෙරටින් ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා අනිවාර්යෙන් ම ගත යුතු පියවර කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුවත් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ අනෙක් සෑම ප්‍රභේදයක් ම මෙන් ම, ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත් ම තීරණාත්මක සාධකය වන්නේ හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීම බවය.

1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන

2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ

3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන

එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වෙයි.

යම්කිසි නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යාමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරට ම ක්‍රියාත්මක කිරීම මත කෙනෙකුගේ ආරක්ෂාව තීරණය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම

2. දෑත් පිරිසිදුව තබා ගැනීම

3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම

මේ අතරින් ඉතා වැදගත් වෙයි.

එමෙන් ම, යම් හෙයකින් උණ, සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසි ම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.

එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයෙකු වුව ද කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් ඇති බවත් එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව හේතුවෙන් දැඩිසත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුව ද රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

More from GossipMore posts in Gossip »