Press "Enter" to skip to content

ගෑස් මිල ඉහළ දැමීම ගැන අමාත්‍ය අනු කමිටුව ගත් තීරණය

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පංච පුද්ගල අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවත් ප්‍රතිපත්තිමය වශයෙන් ගෑස් මිල ඉහළ දැමීමේ එකඟතාවක් නොමැති බවත් ය.

ගෑස් මිල සංශෝධනය කිරීමට පසුගිය දා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු අතර එහිදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කරනු ලැබීය.

More from GossipMore posts in Gossip »