Press "Enter" to skip to content

ගෑනු 6යි පිරිමි 8යි බූරු ගහලා මාට්ටු

මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ බූරු පිටියක් වටලා වයස අවුරුදු 30 ත් 60 අතර කාන්තාවන් 6 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 8 දෙනකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

බූරු පිටියේදී මුදල් ඔට්ටුවට දැමූ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් සමග බූරුවා ගැසීමට යොදා ගන්නා කාඩ් පැකට් 10ක්, ජංගම දුරකථන 4ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිස මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත, ඉඳිබැද්ද, මොරටුමුල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සියලුදෙනා මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ගල්කිස්ස අපරාධ කොට්ඨාශ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත යන නිලධාරීන් දෙදෙනා වෙත ලද තොරතුරක් මත මෙම වැටලී ම සිදු කර ඇත.

More from GossipMore posts in Gossip »