Press "Enter" to skip to content

අනියම් සැමියාට පොල්ල තියා පොලිසි ගිය හැට හතේ මනමාලි

නිවසේ තනිව සිටින හැට හත් හැවිරිදි සිව් දරු මවක් හතළිස් එක් හැවිරිදි එක් දරු පියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ණයට ලබා ගෙන තිබියදී අනියම් පූරුෂයා සුපුරුදූු පරිදි මහ රෑ අනියම් ඇසුර පැවැත්වීමට පැමිණ එම ණය මුදලද ඉල්ලා සිටි අවස්ථාවේ වහා දිව ගොස් තමා නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයකු නිවසට කඩාවැදී තමාට අතවර කොට රන් කරාබු ජෝඩුවක් හා රන් දම්වැලක් ද පැහැර ගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කීරීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්තාවිය.

පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වූ සිද්ධිය මෙසේය.

හැට හත් හැවිරිදි සිව් දරු මවක් එම ප්‍රදේශයේම පදිංචි හතළිස් එක් හැවිරිදි එක් දරු පියකු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබිණි.

ඇයගේ උස් මහත්වූ දරුවන් විවාහවී වෙනම වාසය කරන හෙයින් කාන්තාව පමණක් නිවසේ තනිවම පදිංචිව සිටියාය.

කාන්තාව තම අනියම් පුරුෂයා සමඟ නිතර මුදල් ගනු දෙනු කර ඇති අතර ඉකුත් දිනෙක ඔහුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ණයට ඉල්ලා ගෙන තිබුණි.

මේ අතර අනියම් පුරුෂයා සුපුරුදු පරිදි ඉකුත් දිනෙක රාත්‍රී ඇයගේ නිවසට පැමිණ අනියම් ඇසූරද පවත්වා ණය මුදල ඉල්ලූ අවස්ථාවේ බහින් බස් වීමක් දෙදෙනා අතර ඇතිවී කාන්තාව පොලීසියට දිව ගොස් අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

මහ රෑ නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයෙකු නිවසට කඩාවැදී බලහත්කාරයෙන් අතවර කොට ගෙල බැඳ තිබූ රන් මාලයත් කණේ තිබූ රන් කරාබු ජෝඩුවත් ගලවා පැන ගිය බව එම පැමිණිල්ලේ සඳහන් කොට තිබිණි.

More from GossipMore posts in Gossip »