Press "Enter" to skip to content

තවත් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා පොකුරක් – ආසාදිතයන් 75ක්

රාජාංගණය,27 හන්දිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලක සේවක,සේවිකාවන් 650 දෙනකු අතරින් හැට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි.

මෙම ඇගලුම් කම්හලේ සේවකයන් පහළොස් දෙනෙකුටම කොරෝනා රෝගය වැළදි ඇති බවට පසුගිය එකළොස් වැනි දින අනාවරණය විමත් සමග ඔවුන් සමග සේවය කළ සේවකයන්ද 650ක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

ඒ අනුව මෙම ඇගලුම් කම්හලේ සේවකයන් හැත්තැපස් දෙදෙනකුට කොරෝනා රෝගය වැළදි තිබේ.

මොවුන්ගේ ආශ්‍රිතයන් තුන්සියකට ආසන්න පිරිසක් මේවන විට නිරෝධායනයට ලක්කොට ඇති බවද අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා මෙහිදි පැවසිය.

More from GossipMore posts in Gossip »