බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් දින 27ක පිරිමි ළදරුවකු ඇතුළු 06 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
එම නිලධාරියා පැවැසුවේ පසුගිය 14 වැනිදා ගත් පී. සී. ආර්. පරීක්‍ෂණ වාර්තා මත මෙම ආසාදිතයන් හඳුනා ගෙන ඇති බවයි.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ එල්බඩ වතුයායෙන් දින 27ක කොවිඩ් ආසාදිත ළදරුවා හමුව ඇති බවත්, අනිකුත් ආසාදිතයන් එල්බඩ, බේ්‍රයාවෙල්, කොටියාගල පහළ කොටස, කොටියාගල මැද කොටස, ලෙස්ටන් යන වතුවලින් හමුව ඇති බවත් මෙම කොවිඩ් ආසාදිතයන් අතර පිරිමි 04ක් හා කාන්තාවන් දෙදෙනකු සිටින බවත් එම නිලධාරියා පැවැසීය.






