Press "Enter" to skip to content

මහා පාරේ ප්‍රදේශවාසීන් දණ ගැස්වූ හමුදා සමාජිකයින්ට එරෙහිව ගත් පියවර

මඩකලපුව, එරාවූර් ප්‍රදේශවැසියන් පිරිසකට හිරිහැර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ යුද හමුදා සෙබළුන් පිරිසකට ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාව පවසනවා.

සංචරණ සිමා උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ව මහ මාර්ගයේ අයිනේ දණ ගස්වා ඉහලට අත් ඔසවා සිටින ලෙස මෙම හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු දැක්වෙන ජයාරූප කිහිපයක් සමාජ මාධ්‍යජාලා වල ඉතා වේගයෙන් හුවමාරුවී තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව අද සඳහන් කර සිටියේ සිදුවීමට සම්බන්ධ හමුදා සාමාජිකයින්ව ඉවත් කිරීමට පියවර ගත් බවයි. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ නියෝගයක් මත බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් යුද හමුදා පොලිසිය විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව පවසයි.

සම්පූර්ණ විමර්ශන අවසන් වූ පසු සියලුම හමුදා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසයි.
newswire.lk

More from GossipMore posts in Gossip »