Press "Enter" to skip to content

මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා

ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.