Press "Enter" to skip to content

පාසල් විවෘත කිරීම පිළිබඳ කමිටු වාර්තාව ළඟදීම

පාසල් හා පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ළමා රෝග විශේෂඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ස්වෙච්ඡා කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරියේදී බාරදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පාසල් දරුවන්ට සති හතරකට කලින්වත් එන්නත් දෙක කෙසේ වෙතත් එක එන්නතක් හෝ ලබා දීමට කටයුතු සූදානම් කර ඇතැයිද අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පවත්වා ඇතැයි කී පෙරේරා මහතා වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද සඳහන් කළේය.

මේ වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායම පිළියෙල කළ වාර්තාව අමාත්‍යාංශයට බාරදී ඇති බවත් ඇමතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන ලේකම්වරයා කීවේය.

කොවිඩ් ව්‍යාප්තියත් සමගම දිවයිනේ සියලුම පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් දින නියමයක් නොමැතිව වසා දමනු ලැබීය .

More from GossipMore posts in Gossip »