Press "Enter" to skip to content

පෙම්වතාට කෝටිපතියෙකු වෙන්න ඕනෑවී දරුවන් 10 ක් බිහි කළැයි කියා ලෝකයක් අන්දපු හැටි

පසුගිය සතියේ දකුණු අප්‍රිකානු මවක දරුවන් 10 දෙනෙකු එකවර බිහිකර ලෝක වාර්තාවක් තැබු බවට විදෙස් මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාව නිවැරදි නොවන බවට දැන් තහවුරුවී තිබේ.

පසුගිය සතියේ 07 වනදා එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ 37 හැවිරිදි ගොසියාම් සිතෝල් විසින් ප්‍රිටෝරියා අගනුවර පිහිටි බිකෝ ශීක්ෂණ රෝහලේ සිසේරියන් සැත්කමකින් ළදරුවන් 10 දෙනෙකු ( පිරිමි ළමයින් හත්දෙනෙකු හා ගැහැණු ළමයින් තිදෙනෙකු) ප්‍රසූත කර ඇති බවයි.

නමුත් දරුවන්ගේ “පියා” ලෙස හඳුන්වාගත් ටෙලෝගෝ සොරෙසි නමැත්තා මෙම සිද්ධියට ප්‍රසිද්ධිය ලබාදීමෙන් පසු ඔහු සොයා වැඩිදුර තොරතුරු සොයන්නට ආ මාධ්‍යවේදීන් විමතියට පත්කරමින් දන්වා ඇත්තේ තමා තවම දරුවන් දැක නැති බවත් මව තමන් සමග අමනාපවී දරුවන් සමග සැඟවී සිටිනා බවය.

නමුත් දරුවන් උපත ලද බව කියූ පිටෝරියා අගනුවර රෝහල මෙවැනි දරු උපතක් වාර්තාවී නැති බව දන්වා ඇත. එමෙන්ම එම පෙදෙස ඇයත් ගවුටන්ගේ ප්‍රාන්ත පාලක නිවේදනයක් නිකුත් කරමින් සිද්ධියට දින දෙකකට පසු දන්වා ඇත්තේ ඔවුන් අගනුවර සියලුම රෝහල් වලින් මේ ආකාර ප්‍රසූතියක් සිදුවුණාද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් සිදුවී නැති බවයි. එබැවින් මාධ්‍ය වාර්තා වලට නොරැවටෙන ලෙසද දන්වා තිබුණි.

More from GossipMore posts in Gossip »