පොලිස් නිලධාරියෙකු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිල ඇඳුමින් සිටියදී අදාළ හෙරොයින් තොගය සමග හික්කඩුව ප්රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ පොලිස් නිලධාරියා සතුව තිබී හෙරොයින් කිලෝග්රෑම් 50ක් සොයාගෙන ඇති අතර ඔහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන්ය.
සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.






