Press "Enter" to skip to content

වසංගත රෝග අංශය ගැන සතපහක විශ්වාසයක් නෑ…. රට විවෘත කරන්නේ නිවැරැදි දත්ත නැතිව

ලබන 21 වැනිදා සංචරණ සීමා ලිහිල් කරන්නේ වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ දත්ත නිවැරදි ලෙස ලබා නොදෙන පසුබිමක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (18දා* පැවසීය.

කොරෝනා වෛරසය ගැන දත්ත ඉදිරිපත් කරන වසංගත රෝග විද්‍යා අංශය පිළිබඳ සතපහක විශ්වාසයක් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා මෙසේ ද කීය.

මේ රටේ තියෙන වසංගත රෝග විද්‍යා අංශය ගැන කිසිම විශ්වාසයක් නැහැ. වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය, මරණ ප‍්‍රමාණය, රෝගය පැතිරීම ගැන ලබාදෙන තොරතුරු ගැන කිසිදු විශ්වාසයක් නැහැ. රටේ ජනතාවට මේ කොරෝනා වෛරස් තත්ත්වය ගැන නිවැරදි දත්ත ඉදිරිපත් කළායින් පසුවයි සංචරණ සීමා ඉවත් කළ හැකිද? නැද්ද? තීරණය කළ හැක්කේ.

දැනට මේ වසංගත රෝග විද්‍යා අංශය ලබා දෙන්නේ නිවැරදි දත්ත නොවෙයි. හඳුනා ගන්නා රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ගැන ලබා දෙන්නේ නිවැරදි දත්ත නොවෙයි. දැන් මේ අංශයෙන් නිකුත් කරන්නේ වැරදි දත්ත.

වසංගත රෝග විද්‍යා අංශයේ ඉන්න ප‍්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ ඉන්න අය ඉවත් කර කාර්යක්ෂම නිලධාරීන් පිරිසක් යෙදවිය යුතුයි. මෙවැනි තත්ත්වයක් තිබියදී තමයි 21 වැනිදා සංචරණ සිමා ලිහිල් කරන්නේ. මේ විදිහට නිවැරදි දත්ත නැතිව සංචරණ සීමා ලිහිල් කිරීමෙන් මොන වගේ තත්ත්වයක් මතු වෙයි ද කියන්න දන්නේ නැහැ.
diwaina

More from GossipMore posts in Gossip »