Press "Enter" to skip to content

සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

ඉන්දියාවේ චෙන්නායි හි සත්ත්වෝද්‍යානයක සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බව අද වාර්තා විය.

සතුන්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ පළමු සිදුවීම මෙයයි.

මේ අතර ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව ප්‍රමුඛ වෛරස ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.

එම ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අධික වීම හේතුවෙන් එම තත්ත්වය ඇති වී තිබෙන බවත් ඊට එරෙහිව විවිධ එන්නත්වල ඵලදායිතාව තීරණය කිරීම සඳහා සංවිධානයට වැඩි දත්ත අවශ්‍ය බවත් ඇය සඳහන් කර තිබුණි.

More from GossipMore posts in Gossip »