මුම්බායි හි කළු දිලීර ආසාදිත දරුවන් තිදෙනෙකුගේ එක් ඇස බැගින් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. වයස අවුරුදු 4, 6 සහ 16යන දරුවන් තිදෙනා මුම්බායි හි රෝහල් දෙකක සැත්කම් කර තිබේ.පළමු දරුවන් දෙදෙනා දියවැඩියා රෝගීන් නොවන අතර 16 හැවිරිදි දරුවා කොවිඩ් සුවය ලැබීමෙන් පසු දියවැඩියා රෝගියෙකු බවට පත්ව ඇති අතර ඇගේ බඩේ කොටසක් කළු දිලීර ආසාදනය වී ඇති බව වෛද්‍යවරු පවසති.
කොවිඩ් දෙවන රැල්ලෙන් ගැහැනු ළමයින් දෙදෙනෙකු කළු දිලීර රෝගය ආසාදනය වී පැමිණි අතර ඔවුන් දෙදෙනාම දියවැඩියා රෝගයෙන් පීඩා විඳ තිබේ. එක් දරුවෙකුගේ එක් ඇසකට කළු දිලීර රෝගය ආසාදනය වී තිබීම හේතුවෙන් එක් ඇසක් ඉවත් කිරීමට සිදුවිය.වාසනාවකට මෙන් මොලයට පැතිර තිබුනේ නැත.අපි සති හයක් තිස්සේ ඇයට ප්‍රතිකාර කලෙමු. අවාසනාවකට මෙන ඇයට ඇයගේ ඇස අහිමි විය.යැයි ෆෝටිස් රෝහලේ ළමා රෝග විසේසඤ වෛද්‍ය ජෙසල් ෂෙත් පවසා තිබුනා.
ආසාදිතයින්ගේ කළු පැහැ ගැන්වුණු ඇස් එලෙස ඉවත් කෙරෙන්නේ මොළයට හානි වීම වැළැක්වීම සඳහායි . ඉන්දියාවෙන් මේ වන විට කළු දිලීර ආසාදිත රෝගීන් තිස් දහසක් පමණ සොයාගෙන තිබෙනවා
Published in Health