පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා සඳහන් කළේ තමන් නිවසේ සිටියේදී ආරක්ෂිත කැමරා මගින් මෙම පොලිස් නිලධරීන් නිවස ඉදිරිපිට සිටිනු දුටු බවයි.
පසුව ඔවුන් කිහිපදෙනෙක් නිවසට කැඳවා ගත් කරුණු විමසීමේදී තම නිවසේ රැස්වීමක් පැවැත්වෙන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි බවට ප්රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු සඳහන් කර සිටියේ.
එවැනි රැස්වීමක් නොමති බව දැනුම් දීමෙන් අනතුරුව අදාළ පොලිස් කණ්ඩායම නිවසින් පිටත්ව ගිය බවයි මෙහිදී මන්ත්රීවරයා කියා සිටියේ.
” මම මාස දෙකක් පමණ දේශපාලන කටයුතු වලින් ඈත්වෙලා ඉන්නේ. මාව අත්අඩංගුවට ගන්න කියන බලවත් ඉල්ලීමක් අනුව එම පිරිස ආවද කියා කියන්න මම දන්නේ නැහැ” මන්ත්රීවරයා කියා සිටියා.
Published in Political