Press "Enter" to skip to content

ගම්මානයක 68කට කොරෝනා

පුත්තලම මාදම්පේ පැරණි නගරයේ පිහිටි මරක්කලගම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 68 දෙනෙකු හදුනාගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සදහන් කළේ එම ආසාදිතයින් මදුරන්කුලියේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි.

මෙම තත්ත්වයත් සමග මරක්කලගම ගම්මානයට පිවිසිය හැකි මාර්ග පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර තිබේ.