Press "Enter" to skip to content

ඔන්ලයින් හරහා මත්පැන් විකිණීමට අවසර දෙන්නේ නැහැ” – යුද්ධ හමුදාපති

ඔන්ලයින් හරහා මත්පැන් විකිණීමට අවසර ලබා නොදෙන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

mawbima.lk කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීම සඳහා අවසර ඉල්ලා සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට ලිපියක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, ඒ සඳහා ඊයේ (ජූනි 16) මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළ තිබුණු අතර කොවිඩ් කාර්ය සාධක බලකායේ අවසරය ද ඒ සඳහා ලබා ගැනීමට යොමු කර තිබුණු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

ඔන්ලයින් හරහා මත්පැන් විකිණීමට එරෙහිව වෛද්‍ය සංගම් දෙකක් ද දැඩි විරෝධය පළ කර තිබිණි.

ඒ අනුව, ඔන්ලයින් හරහා මත්පැන් විකිණීමට අවසර ලබා නොදෙන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.