Press "Enter" to skip to content

දේව පූජාවක් කියා අලුත උපන් දරුවා ලී පෙට්ටියකට දමා ගඟට දමලා

අලුත උපන් බිළින්ඳියක් ලී පෙට්ටියකට දමා ගංඟා නදියට දමා ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ගඟේ පාවෙමින් තිබු ලී පෙට්ටියක් දුටු බෝට්ටු පදින්නෙකු විසින් එය පරික්ෂා කර බැලිමේදී ඒ තුළ අලුත උපන් දැරියක් සිටින බව දැක තිබෙනවා.

ගංඟා නදියේ දෙවියන් විසින් තමන්ට දුන් ත්‍යාගයක් බව සිතා එම පුද්ගලයා විසින් දරුවා නිවස වෙත ගෙන ගොස් තිබුණා.

පසුව මෙම සිදුවීම පොලීසිය වෙත දැනගන්නට ලැබී ඇති අතර ඔවුන් විසින් දරුවාව වහාම රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

මෙම දරුවා සිට තිබුණේ දේව රූප මෙන්ම මල් හා වෙනත් පුජා භාණ්ඩවලින් සරසා තිබූ දැවයෙන් නිර්මාණය කර තිබූ පෙට්ටියකයි. එමෙන්ම අලුත උපන් බිළිඳියගේ ජන්ම පත්‍රයද එහි තිබී සොයාගෙන ඇති බවද පොලිසිය විසින් සඳහන් කර තිබුණා.

දරුවාගේ භාරකාරීත්වය පිළිබඳව පොලීසිය විසින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැති අතර ඔවුන් විසින් දරුවාගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා කටයුතු කරන බව පවසා සිටියා.

දරුවා සොයා ගත් බෝට්ටු පදින්නාට ප්‍රාන්ත රජය වෙනුවෙන් මහ ඇමතිවරයා විසින් ස්තූතිය පුද කර ඇති අතර ඔහුට රජයේ ක්‍රියාත්මක වැඩසටහන් මඟින් උපකාර කිරීමට සුදානම් බවද පවසා තිබුණා. එමෙන් දරුවාගේ අනාගතය උදෙසා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය විසින් සියලු පියවර ගැනීමට සුදානම් බවද මහ ඇමතිවරයා විසින් සඳහන් කර තිබුණා.

මෙම දරුවාව දේව පූජාවක් හෝ කන්නලව්වක් උදෙසා මෙලෙස ගංඟාවට දමන්නට ඇති බවට සැක පළ කරනවා.

The baby girl found in the wooden box
More from GossipMore posts in Gossip »