Press "Enter" to skip to content

26 හැවිරිදි කාන්තාවක් 15 හැවිරිදි දැරියව මාස 4ක් තිස්සේ විවිධ පුද්ගලයින්ට අලෙවි කරලා

වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දා ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අන්තර්ජාලය හරහා ඇයව ලිංගික කටයුතු සඳහා කුට්ටනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම දැරියව මාස 4ක කාලයක් තිස්සේ දෛනිකව විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බවය.

කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම දැරියව තවදුරටත් අපයෝජනය කිරීම සඳහා විවිධ පුද්ගලයින් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජබුරලිය මඩපාත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැරියව අලෙවි කළ විවිධ පුද්ගලයින් පිළිබඳව අනාවරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බවය.

More from GossipMore posts in Gossip »