Press "Enter" to skip to content

ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 60කට ආසන්න පිරිසක් හදිසියේ රෝහල් ගතකරයි

මාතලේ පලාපත්වල පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 60කට ආසන්න පිරිසකට ඊයේ(17)දා ඇතිවු ආසාත්මිකතාවයක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම කම්හලේ පිරිස‍කට ඉකුත් 16දා කොවිඩ් එන්නත් සිදු කර ඇති අතර ඒ අවස්ථාවේ සහ පසුදින 17 මෙම සේවිකාවන් හට විවිධ සංකුලතා ඇතිවිම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

කිසිදු සේවිකාවකට බරපතල තත්වයක් නොමැති බවත් ඇතිවු ආසාත්මිකතාවයක් හා කම්පනයක් හේතුවෙන් මෙම පිිරිස රෝහල් ගතකර ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

More from GossipMore posts in Gossip »